චීන සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2024-07-05 11:12:23
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඉන්දියාවේ විදේශ අමාත්‍ය S. Jaishankar මහතා ඊයේ(04) Astana නගරයේදී  හමු විය.

චීනය සහ ඉන්දියාව ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු බවත්, සන්නිවේදනය ශක්තිමත් කරමින් වෙනස්කම් නිසි ලෙස හැසිරවිය යුතු බවත්, දෙරට සබඳතා සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර මාවතක් ඔස්සේ වර්ධනය වන බවට සහතික විය යුතු බවත් Wang Yi මහතා එහිදී පැවසීය. දෙරටේ නායකයින් විසින් එළඹ ඇති වැදගත් එකඟතාවන්ට අනුකූලව, අන්‍යෝන්‍ය ගරුත්වය, අවබෝධය, විශ්වාසය හා සැලකීමෙන් යුතුව, එකිනෙකාගේ ජයග්‍රහණයන්ට සහාය දීමට කැමැත්තෙන් සිටින චීනය, අසල්වැසි දැවැන්ත රටවල් දෙක නිසි ලෙස ඇසුරු කිරීමේ මාර්ගය ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි. දේශසීමා ප්‍රදේශවල තත්ත්වය නිසි ලෙස හැසිරවීම සහ පාලනය කරන අතරම, සාමාන්‍ය හුවමාරු ක්‍රියාශීලීව නැවත ආරම්භ කර එකිනෙකා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.  

දෙරටේ නායකයින් විසින් එළඹ ඇති ශ්‍රේෂ්ඨ දැක්ම මගින් මඟ පෙන්වනු ලබන ආකාරයට මතභේද සංවර්ධනාත්මක ලෙස විසඳා ගෙන කඩිනමින් ඉන්දීය-චීන සබඳතාවල නව පිටුවක් විවෘත කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව S. Jaishankar මහතා පැවසීය. චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වයට පත් වීමේ දී සිය යුතුකම් ඉටු කිරීමට ඉන්දියාව චීනයට සහාය දෙමින් බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටී. ඉන්දියාව බහුපාර්ශ්වික සංකල්පයට අනුගත වී බහුධ්‍රැවීකරණ ලෝකයක් සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමටත් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම