චීනයට පැමි‍ණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළට
2024-07-05 11:21:47
Share with:

මේ වසරේ මුල් මාස හය තුළ පමණක් චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 152.7කින් වැඩි වී ඇත.

චීන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක අද(5) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනයේ රේගු දත්තවලට අනුව මේ වසරේ මුල් මාස හය තුළ පමණක් චීනයට පැමිණි විදේශිකයන්ගේ වාර ගණන මිලියන 14.6කි. එය පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියයට 152.7ක වැඩි වීමකි. ඒ අතරින් නිදහස් වීසා ප්‍රතිපත්තිය ඔස්සේ චීනයට පැමිණි සංචාරකයින්ගේ වාර ගණන මිලියන 8.5ක් වන අතර එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 52ක් වීම විශේෂත්වයකි. එමෙන්ම පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව එය සියයට 190.1කින් ඉහළ ගොස් ඇත.

මේ වසරේ ඉදිරි මාස හය තුළ ද විදේශිකයන් චීනයට පැමිණීමේ ප්‍රවණතාව අඛණ්ඩව ඉහළ යමින් පවතිනු ඇතැයි චීන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තක්සේරු කරයි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම