මානව හිමිකම් සංවර්ධන මාවතේ අභිමානයෙන් ඉදිරියට යන චීනය
2024-07-05 20:40:43
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරය සිව්වැනි වටයේ ලොව විවිධ රටවල මානව හිමිකම් සමාලෝචනයට චීනය ඉදිරිපත් කළ වාර්තාව අනුමත කර තිබේ. ඊයේ (4) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එම සැසිවාරය පැවැත්විණ.

චීනය වෙනුවෙන් එහිදී උණුසුම් අත්පොළසන් හඬක් නැගුණු අතර, බොහෝ රටවල නියෝජිතයෝ චීන නියෝජිත පිරිසට සුබ පැතූහ. රටවල් 120 කට වැඩි ප්‍රමාණයක් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා චීනය දරන ප්‍රයත්න සම්පූර්ණයෙන් පිළිගෙන ඇති අතර, සමුළුවේදී දේශන පැවැත්වූ බොහෝ රටවල් කෙටි කලක් තුළ චීනය සාක්ෂාත් කළ මානව හිමිකම් ජයග්‍රහණ පිළිබඳව ඉහළින් අගය කළහ.

‘විවිධ රටවල මානව හිමිකම් සමාලෝචනය’ යනු එක්සත් ජාතීන්ගේ රාමුව තුළ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන්  සමාන හා අවංක අදහස් හුවමාරු කර ගැනීම සඳහා පවතින වැදගත් වේදිකාවකි. එසේම ඵලදායී සංවාද සහ සහයෝගිතා එම වේදිකවේදී පැවැත්වේ. චීනය 2009, 2013 සහ 2018 වසරවල පැවති මෙහි මුල් සමාලෝචන වට තුනට සහභාගි විය. තුන්වැනි වටයේ සමාලෝචනයේ දී, මානව හිමිකම් ආරක්ෂා කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා චීනය නීති මාලාවක් සහ සංශෝධිත නීති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සිව්වැනි වටයේ සමාලෝචනයේ දී චීනයේ බොහෝ නිර්දේශ පිළිගෙන ඇත. මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජනතාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම, මානව හිමිකම් පිළිබඳ නීතිමය ආරක්ෂාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් සහයෝගිතා සහතික කිරීම සඳහා නව ක්‍රියාමාර්ග 30 ක් ක්‍රියාවට නංවන බව ද චීනය නිවේදනය කළේය. චීනයේ විවෘතභාවය, අවංකභාවය සහ කාර්යක්ෂම සංවිධාන හැකියාව මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ ඇගැයීමට ලක්විය.

වර්තමානයේ චීනය චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කරයි. මෙමගින් චීනයේ මෙන්ම ගෝලීය ජනතාවට ප්‍රතිලාභ හිමි කර දෙන අතර, මානව හිමිකම් පිළිබඳ සංවර්ධන ආකෘතිය ද පොහොසත් මට්ටමක් කරා රැගෙන ගොස් තිබේ.  විවිධ රටවල මානව හිමිකම් සමාලෝචනය, චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවතේ තවත් එක් සටහනක් පමණක් වන අතර වඩා අපූර්වත්වයෙන් යුතු චීන මානව හිමිකම් කතා ප්‍රවෘත්තීන් තවමත් ලියැවෙමින් පවතී. එසේම, ලොව මානව හිමිකම් වෙනුවෙන් චීනය දරන ප්‍රයත්න ද සහෝදර රටවල් සමඟ අඛණ්ඩව ඉදිරියට ගමන් කරනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම