චීන-ටජිකිස්ථාන සහයෝගීතාව උසස් මට්ට්මකට ගෙන යන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්
2024-07-05 08:01:23
Share with:

චීන-ටජිකිස්ථාන සර්වකාලීන සහයෝගීතාව උසස් මට්ටමකට ගෙන යන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. දුෂාන්බේ අගනුවරට ළඟා වීමෙන් පසු ඊයේ(04) ලිඛිත ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය. ටජිකිස්ථාන නිල සංචාරය අතරතුර ෂී ජින් පිං මහතා Emomali Rahmon මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් චීන-ටජිකිස්ථාන සබඳතා ප්‍රවර්ධනයට නව සැලසුම් සහ විධිවිධාන සකස් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ටජිකිස්ථාන ජනාධිපතිවරයා සමග එක්ව වත්මන් ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ද බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

චීනය සහ ටජිකිස්ථානය අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන සමීප අසල්වැසියන් වන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කරන මිතුරන් ය.

මීට වසර 32 කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වීමේ සිට මේ දක්වා චීන-ටජිකිස්ථාන සබඳතා තිරසර, වේගවත් හා ඵලදායී සංවර්ධනයක් ළඟා කර ගෙන ඇති බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.  එමෙන්ම දෙරට අතර මිත්‍රත්වය විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වැඩි දියුණු වී ඇති අතර අසල්වැසි රටවල සබඳතා සඳහා මනා ආදර්ශයක්  ද සපයා ඇත.

චීනය ටජිකිස්ථානයේ දෙවන විශාලතම වෙළඳ සහකරු බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා එක් තීරයත් එක් මාවතක් සහයෝගීතාව ඔස්සේ දෙපාර්ශ්වයේ වෙළඳාම තුළින් ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම