ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේ විධිමත් සංවර්ධනය සහතික කිරීමට සූදානම් බව චීනය පවසයි
2024-07-05 17:58:20
Share with:

මානව හිමිකම් පිළිබඳ චීනයේ ජයග්‍රහණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉහළ පිළිගැනීමට ලක්වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරය, සිව්වැනි වටයේ විවිධ රටවල මානව හිමිකම් සමාලෝචනයට චීනය ඉදිරිපත් කළ වාර්තාව ඊයේ (4) අනුමත කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඉහත කරුණු ප්‍රකාශ කළාය.

මානව හිමිකම් සමාලෝචනය රටවල්වලට සමාන හා අවංක අදහස් හුවමාරු කර ගැනීමට සහ ප්‍රායෝගික සංවාද පැවැත්වීමට වැදගත් වේදිකාවක් බව Mao Ning මහත්මිය පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිව්වැනි වටයේ රටවල මානව හිමිකම් සමාලෝචන වාර්තා සඳහා චීනයේ සහභාගිත්වය ඒකමතිකව අනුමත කර ඇති අතර, මානව හිමිකම් පිළිබඳ චීන ජයග්‍රහණ සහ ඒ වෙනුවෙන් චීනයේ දායකත්වය ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉහළින්ම පිළිගන්නා බව එහිදී මනාව පිළිබිඹු වී තිබේ. චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවතට අනුකූලව එහි තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු කරන බවත්, වඩාත් සාධාරණ,විනිවිදභාවයෙන් යුතු, අපක්ෂපාතී, සහ යුක්තිගරුක දිශානතියක් කෙරෙහි එම ක්ෂේත්‍රය සංවර්ධනය කරන බවත් Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම