“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත” විශේෂ වැඩසටහන් මාලාව ටජිකිස්ථාන ප්‍රේක්ෂකයන් හමුවට
2024-07-05 22:39:38
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත”නමැති විශේෂ වැඩසටහන් මාලාවේ තුන්වැන්න ටජික් භාෂා අනුවාදයක් ලෙස එළිදැක්වෙයි. එම උත්සවය අද (5) ටජිකිස්ථානයේ දුෂාන්බේ අගනුවර දී පැවැත්වුණේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ එරට නිල සංචාරය නිමිත්තෙනි.

අද (5) සිට, මෙම වැඩසටහන් ටජිකිස්ථානයේ Khovar ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය හා Jahonnamo සහ Safina යන ජාතික රූපවාහිනී යනාදී මාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ.

“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත”නමැති විශේෂ වැඩසටහන් මාලාවේ තුන්වැන්න පොදු සමෘද්ධිය, පාරිසරික ආරක්ෂාව,සංස්කෘතික උරුමය සහ ශිෂ්ටාචාරවල විවිධත්වය වැනි තේමා කෙරෙහි අවධානය යොමුකරයි. විවිධ අවස්ථාවන්හි දී ෂී ජින් පිං මහතා පළ කළ අදහස් සහ ඔහු ප්‍රිය කරන උධෘත මීට අන්තර්ගත වන අතර, චීන මාදිලියේ නවීකරණයේ සංස්කෘතික මූලාරම්භය සහ ඵලදායී ජයග්‍රහණ පිළිබඳව ටජිකිස්ථාන ජනතාවට ඉන් මනා අවබෝධයක් තිළිණ කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම