චීනයේ විදුලි මෝටර් රථ නිපැයුම් පිළිබඳ යුරෝපා සංගමයේ සමීක්ෂණවලට චීනයේ දැඩි විරෝධය
2024-07-05 19:47:45
Share with:

චීනයේ විදුලි මෝටර් රථ ව්‍යවසායන්ට තම රජය සපයන පහසුකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමීක්ෂණ පැවැත්වීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

යුරෝපා සංගමය චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදිත කෙරේ දීමනාවන්ට එරෙහි සමීක්ෂණය සිදු කිරීම සම්බන්ධයෙන් චීනය අවස්ථා ගණනක දී සිය ස්ථාවරය මෙන්ම ඊට එරෙහිව විරෝධය ප්‍රකාශ කර ඇති බව ඇය එහිදී කියා සිටියාය.

නිශ්චිත ආර්ථික සහ වෙළඳ ගැටළු සංවාද හා සාකච්ඡා පැවැත්වීමෙන්  නිසි ලෙස විසඳා ගත යුතු බව චීනය සැමවිටම විශ්වාස කරයි. චීනය සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම