චීන - ටජිකිස්ථාන සංස්කෘතික හුවමාරු වැඩසටහන දුෂාන්බේ අගනුවර දී
2024-07-05 23:12:31
Share with:

චීන-ටජිකිස්ථාන සංස්කෘතික හුවමාරු වැඩසටහන දුෂාන්බේ අගනුවර දී පැවැත්වේ.

ඒ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ටජිකිස්ථාන නිල සංචාරය නිමිත්තෙනි.

මේ යටතේ, චීන මාධ්‍ය සමූහයේ “පාරම්පරික මිත්‍රත්වයේ නව ආරම්භය” යන මැයෙන් යුතු ද්විපාර්ශ්වික සංස්කෘතික වැඩසටහන එරට Rohi Navruz මාලිගයේදී පැවැත්විණ. එහිදී “එක්ව චීනය නරඹමු” තේමාවෙන් යුතු චීන-ටජිකිස්ථාන ඒකාබද්ධ මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වැඩසටහනක් ද ආරම්භ කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා එම අවස්ථාවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. ටජිකිස්ථානය චීනයේමිත්‍ර අසල්වැසි රටකි. එහි සෑම තරාතිරමකම මිතුරන් සමඟින් හුවමාරු ශක්තිමත් කොට, ශිෂ්ටාචාර අතර අධ්‍යයන පුළුල් කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටින බව ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම