එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චීනය 4 වැනි විශ්වීය කාලානුරූපී සමාලෝචනය සම්පූර්ණ කරයි
2024-07-05 10:27:40
Share with:

චීනය ඊයේ(4) සිය 4 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලානුරූපී සමාලෝචන ක්‍රියාවලිය අවසන් කළ අතර, චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා එය සුමට හා සාර්ථක ලෙස විස්තර කළේය.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා, ගත වූ සිව් වසර තුළ විවිධ රටවල් විසින් කරන ලද නිර්දේශයන් මෙන්ම චීනය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින නව මානව හිමිකම් මිණුම් 30 ක ප්‍රගතිය පිළිබඳව චීන රජයේ ස්ථාවරය එහිදී ගෙනහැර දැක්වීය. 

චීනය නවීකරණය කරා ගමන් කරන විට, ගෝලීය මානව හිමිකම් ප්‍රයත්නවල සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සඳහා අඛණ්ඩව නව දායකත්වයක් ලබා දෙමින් මානව හිමිකම් සුරැකීමේ මට්ටම ක්‍රමානුකූලව ඉහළ නංවන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම රැස්වීමේදී රුසියාව, වෙනිසියුලාව, උස්බෙකිස්ථානය, ගැම්බියාව සහ වියට්නාමය වැනි බොහෝ රටවල් මානව හිමිකම් ප්‍රගමනය සඳහා චීනය දරන ප්‍රයත්නයන් සහ ජයග්‍රහණ පිළිබඳව ධනාත්මක ඇගයීම් සිදු කළහ.

විශ්වීය කාලානුරූපී සමාලෝචනයෙහි 4 වැනි වටයේ දී චීනයේ විවෘත හා අවංක සහභාගීත්වය ඔවුන් අගය කළ අතර චීනය එහි ජාතික කොන්දේසි සහ එහි සාමාජික පිරිසේ අභිමතයට අනුකූලව නිර්දේශ බහුතරයකට එකඟ වී ඇති බවට  පිළිගැණින.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම