ගුරු වෘත්තියට එක්වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් කැප විය යුතු යි - ජනපති
2024-07-04 16:59:18
Share with:

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් කැප විය යුතු බවත්,  විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. සෘජුව හෝ වක්‍රාකාරයකින් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන අතර, ඒ පිළිබඳව සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී ඇතැයි ද ඔහු කියාසිටී.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ පත්වීම් සහ සුදුසුකම් ලද උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති උත්සවයට එක්වෙමිනි.

ගුරු මාරු සහ උසස්වීම් ලබාදීම  ඉදිරියේ දී මාර්ගගත ක්‍රමවේදයක් ක්‍රමවේදයක් ඔස්සේ සිදුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා එහිදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ද කියාසිටියේය.

රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් ශීඝ්‍රයෙන් ඉදිරියට යා යුතු ය. ඒ අනුව, ඉදිරි වසර 20 ඇතුළත, දැනට ඇ. ඩොලර් බිලියන 85 ක් පමණ වන රටේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඇ. ඩොලර් බිලියන 350 ක් දක්වා ඉහළ නංවා ගැනීමට උත්සාහ දැරිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම