චීනයේ ෂෙන්චෞ 18 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථකයි
2024-07-04 10:33:19
Share with:

ෂෙන්චෞ 18 ගගනගාමීහූ තිදෙනා යානයෙන් බැහැර දෙවැනි මෙහෙයුම සාර්ථකව අවසන් කරති.

පැය 6යි විනාඩි 30 ක් පුරා බාහිර මෙහෙයුම්වල නිරත වූ Ye Guangfu, Li Cong සහ Li Guangsu යන ගගනගාමීන් තිදෙනා ඊයේ (03) රාත්‍රියේ 22:51ට, නියමිත ඉලක්ක සපුරා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ Wentian පරීක්ෂණාගාර මොඩියුලය වෙත ආපසු පැමිණ තිබේ.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ හස්තයේ සහ භූමි විද්‍යාත්මක පර්යේෂකයන්ගේ සහයෝගීතාවයෙන්, ගගනගාමීහූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර වාහන නල මාර්ග, කේබල් සහ ප්‍රධාන උපකරණ මත අභ්‍යවකාශ සුන්බුන් ආරක්ෂණ උපාංග සවි කිරීම සහ පරීක්ෂණ මෙහෙයුමක් සිදු කිරීම ඇතුළු කාර්යයන් එම පැය හය හමාරක කාලයක් තුළ සම්පූර්ණ කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම