සියලුදෙනාට යුක්තිය සාධාරණත්වය ඉටුවන පොදු නිවහනක් ගොඩනගන්නට එක්වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්
2024-07-04 18:50:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශැංහයි සහයෝගිතා සංවිධානයේ  දිගුවක් වන "SCO+" සමුළුවට සහභාගි වේ. එම සමුළුව අද(4) පස්වරුවේ කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

ෂී ජින් පිං මහතා එම සමුළුවේදී ‘වඩා ප්‍රශස්ත ශැංහයි සහයෝගිතා නිවහනක් ගොඩනැගීම’ යන මැයෙන් වැදගත් දේශනයක් පැවැත්වීය.

සමගිය හා අන්‍යෝන්‍ය විශ්වාසය, සාමය හා සහජීවනය, සමෘද්ධිය හා සංවර්ධනය, යහපත් අසල්වැසිභාවය, සාධාරණත්වය සහ යුක්තිය තහවුරු වන පොදු නිවහනක් සියලුදෙනා වෙනුවෙන් ගොඩනගන ලෙස ෂී ජින් පිං මහතා එහිදී ඉල්ලීමක් කළේය.

නවීකරණය සාක්ෂාත් කර ගැනීම සංවිධානයේ සාමාජික රටවල පොදු අරමුණයි. 2025 "ශැංහයි සහයෝගිතා සංවිධානයේ තිරසර සංවර්ධන වසර" ලෙස නම් කිරීමට චීනය යෝජනා කරන බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

 සාමාජික රටවල් අතර රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු ශක්තිමත් කොට ‘ශැංහයි සහයෝගිතා සංවිධානයේ දේශපාලන පක්ෂ සංසදය’ සුදුසු අවස්ථාවක පැවැත්විය යුතු යැයි චීනය යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

Beidou චන්ද්‍රිකා සංචාලන පද්ධතිය භාවිත කොට ජාත්‍යන්තර චන්ද්‍ර ගවේෂණ  මධ්‍යස්ථාන ගොඩනැගීම සඳහා  සියලු පාර්ශ්වයන්ට සාදරයෙන් ඇරයුම් කරන චීනය, ශැංහයි සහයෝගිතා සංවිධානයේ ඩිජිටල් අධ්‍යාපන සන්ධානයක් පිහිටුවීමට ද  යෝජනා කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ වඩාත් දීප්තිමත් අනාගතයක් සාක්ෂාත් කිරීම සඳහා ශැංහයි සහයෝගිතා සංවිධානයේ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම