චීනය සහ අසර්බයිජානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කෙරේ
2024-07-04 11:20:47
Share with:

චීන මහජන සමූහාණ්ඩුව සහ අසර්බයිජාන ජනරජය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරේ.

1992 වසරේ අප්‍රේල් 2 වන දින දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තුළින් ඵලදායි ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව දෙපාර්ශ්වය මෙහිදී ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වයෙහි වර්තමාන සංකීර්ණත්වය සහ අඛණ්ඩ වෙනස්වීම් හමුවේ, දෙපාර්ශ්වය උපායමාර්ගික හවුල්කාරිත්වය ඇති කර ගැනීමට එකඟත්වය පළ කළ බව මෙම ප්‍රකාශයේ සඳහන් වේ. දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව ද ප්‍රවර්ධනය කළ යුතු ය. එමෙන්ම දෙරට අතර පොදු අවශ්‍යතා ඒකාබද්ධව සුරක්ෂිත කරමින් කලාපීය සහ ලෝක සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කරන බව ද  එහි වැඩිදුරටත් සඳහන් කෙරේ.

අසර්බයිජානය “එකම චීනය” ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන අතර, චීනය යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සඳහා සහය දක්වමින් ඒ සඳහා සක්‍රියව සහභාගී වීමට ද කැමැත්තෙන් සිටී. එමෙන්ම Trans-Caspian ජාත්‍යන්තර ප්‍රවාහන කොරිඩෝවේ ඉදිකිරීම් සහ එහි සංවර්ධනයට ක්‍රියාකාරීව සහභාගී වීමට චීනය ද කැමැත්ත පළ කර ඇත.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැඟීම යටතේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීම දෙපාර්ශ්වයේම අපේක්ෂාව වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සහාය දැක්වීමට ද දෙරට එකඟ වී තිබේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම