ගෝලීය මතවිමසුමකට අනුව 90% කට ආසන්න ප්‍රමාණයක් AI ධාරිතාව ගොඩනැගීමේ සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට සහාය පළ කරති
2024-07-04 14:13:58
Share with:

කෘත්‍රිම බුද්ධියේ (AI) ධාරිතා ගොඩනැගීමේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඉදිරිපත් කළ යෝජනාව රටවල් හා කලාප 140 කට අධික සංඛ්‍යාවක සම අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී පසුගිය සඳුදා ඒකමතිකව සම්මත කෙරිණ. 

CGTN විසින් සිදු කරන ලද ගෝලීය මාර්ගගත සමීක්ෂණයකට අනුව, බොහෝ ප්‍රතිචාර දැක්වූවන් ගෝලීය AI සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය දරන ප්‍රයත්නයන් ගැන ඉහළින් කතා කර තිබේ. ඔවුන්ගෙන් 89.72%ක් කෘත්‍රිම බුද්ධිය වර්ධනය කිරීම “මානව කේන්ද්‍ර කරගත් මූලධර්මවලට” අනුගත විය යුතු බවට චීනයේ ස්ථාවරය අගය කරති.

සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 63.98%ක් පවසන්නේ තමන් AI නිෂ්පාදන භාවිත කර ඇති බවයි.  AI නිෂ්පාදන ජීවිතයට වැඩි පහසුවක් ගෙන දෙන බව 65.16%ක් විශ්වාස කර ඇත. 60.43%කගේ විශ්වාසය AI නිෂ්පාදන ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතර විශාල සමාජ ධනයක් නිර්මාණය කරන බවයි. ඒ අතරම, AI තාක්‍ෂණයේ සදාචාරාත්මක සහ නියාමන ගැටලු ද සියලුම රටවල් මුහුණ දෙන අභියෝග වේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93.11%ක් AI හි ආරක්ෂාව එහි සංවර්ධනය තරම්ම වැදගත් වන අතර කළමනාකරණය, පර්යේෂණ සහ සංවර්ධනය, සැපයුම සහ භාවිතය යන සෑම අංශයකම අධීක්ෂණය ශක්තිමත් කළ යුතු බවට විශ්වාසය පළ කර තිබේ. 

සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.33ක් කනස්සල්ලට පත්ව සිටින්නේ බොහෝ රටවලට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට තවමත් AI වෙත සැබවින්ම ප්‍රවේශ වීමට, භාවිත කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, ගෝලීය ඩිජිටල් බෙදීම තවදුරටත් පුළුල් වෙමින් පවතින බවත්ය. කෘත්‍රිම බුද්ධිය සාධාරණ, ප්‍රයෝජනවත් සහ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගෝලීය AI පාලනය තුළ ඔවුන්ගේ AI ධාරිතාව ගොඩනැගීම ශක්තිමත් කිරීම, ඔවුන්ගේ නියෝජනය සහ හඬ වැඩිදියුණු කිරීම සඳහා රටවලට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග චීනය දිරිමත් කරයි. මත විමසුමේදී ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.4ක් චීනයේ යෝජනාවට දැඩි ලෙස එකඟත්වය පළ කර ඇත. 

CGTN විසින් ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම මත විමසුමට පැය 24ක් ඇතුළත පුද්ගලයන් 9481 දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබී තිබේ.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම