චීන ජනපති සහ තුර්කි ජනපති අතර හමුවක්
2024-07-04 23:30:47
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා හමුවෙයි. එම හමුව අද (04) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

චීනය සහ තුර්කිය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කොට, ඉහළ මට්ටමේ සම්බන්ධතා තර කරමින් දෙරට උපායමාර්ගික සහයෝගිතා සබඳතාවේ පුළුල් වර්ධනයක් සහතික කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

තම රටේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමේදී චීනයේ තිර  සහය තුර්කියට  හිමිවනු ඇත. ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කොට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සහයෝගිතා  ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට ද චීනය සහය වන බව ෂී ජින් පිං මහතා පැවසීය. තුර්කිය සමඟ ජගත් සංවිධානය සහ ජී 20 කණ්ඩායම යන බහුපාර්ශ්වික යාන්ත්‍රණ යටතේ සම්බන්ධීකරණ හා සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනය සමඟ සබඳතා වර්ධනය  වැදගත් කොට සලකන තුර්කිය, දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට ස්ථීරව කැපවී සිටින බව Recep Tayyip Erdogan මහතා එහිදී  පැවසීය. එකම චීනය මූලධර්මය අනුගමනය කරන තුර්කිය, චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කරයි.   "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කොට ආර්ථිකය, වෙළඳාම, යටිතල පහසුකම් සහ පවිත්‍ර බලශක්ති සම්පත් යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද තුර්කි ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම