චීන ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් වූ António Luís Santos da Costa මහතා වෙත සුබ පැතුම් එක් කරයි
2024-07-04 10:54:51
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් වූ António Luís Santos da Costa මහතා වෙත අද(4) සිය සුබ පැතුම් එක් කර ඇත.

යුරෝපය, ගෝලීය බහුධ්‍රැවීකරණ සමස්තයේ වැදගත් ධ්‍රැවයක් ලෙස චීනය හැමවිටම සලකන බව ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර කටයුතු තුළදී යුරෝපා සංගමයේ වැදගත් කාර්යභාරය අගයන චීනය යුරෝපය සමග විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීමෙහි නියැළී සිටී. යුරෝපය සමග සම්බන්ධතාවය තමා බෙහෙමින් වැදගත් කොට සලකන අතර Costa සභාපතිවරයා සමග එක්ව දෙපාර්ශ්වයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යමින් උපායමාර්ගික සන්නිවේදනය පුළුල් කරමින් අන්‍යෝන්‍ය අවබෝධය හා දේශපාලන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව  ෂී ජින්පිං මහතා කියාසිටියේය. එසේම පොදු අදහස් ලබා ගෙන විවිධ ක්ෂේත්‍රවල අදහස් හුවාමරු හා සහයෝගිතා ව්‍යාප්ත කිරීමට ද අපේක්ෂා කෙරේ. චීන යුරෝපා සම්බන්ධතාවයේ විධිමත් වර්ධනය මෙන්ම, ලෝක සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට දායක වීමටත් බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම