බංග්ලාදේශ අගමැතිනිය 8 වැනිදා චීනයට
2024-07-04 16:34:03
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයෙන්, බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina මහත්මිය ජූලි 8 -10 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (4) මේ බව නිවේදනය කළාය.

චීනය සහ බංග්ලාදේශය හොඳ අසල්වැසියන්,මිතුරන් මෙන්ම හවුල්කරුවන් බව Mao Ning මහත්මිය කියාසිටී. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ගෙවී ගිය වසර 49 තුළ, දෙරට සෑම විටම එකිනෙකාට ගරු කරමින්, සමානාත්මතාවයෙන් යුතුව, අන්‍යෝන්‍ය ජයග්‍රාහී ප්‍රතිඵල දිනා ඇත.

එසේම, මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටලුවල දී දෙරටේ එකිනෙකා වෙනුවෙන් තිර සහයෝගය දක්වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල මිත්‍රශීලී සහයෝගිතා සඳහා ආදර්ශයක් ද සපයා තිබේ. මෑත වසරවල දී, දෙරට නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, චීන-බංග්ලාදේශ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩව පුළුල් වී ඇත. එසේම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා තුළින් උසස් ප්‍රතිඵල හිමි ව තිබීම ද කැපීපෙනේ. මෙම සංචාරය අවස්ථාවක් කර ගනිමින් චීන-බංග්ලාදේශ සබඳතා නව මානයකට රැගෙන යාම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම