චීන - කසක්ස්ථාන සබඳතා තිරසර, ජයග්‍රාහී මාවතක
2024-07-04 15:50:26
Share with:

සිය විදේශ සබඳතාවලදී, කසක්ස්ථානය "ස්ථිර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවෙකු" ලෙස චීනයේ පිළිගැනීමට ලක් ව තිබේ. කසක්ස්ථානය වෙත චීනය ලබාදෙන මෙම උසස් තත්ත්වය අසල්වැසි රටවල් අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ජයග්‍රාහී සබඳතා සඳහා ආදර්ශනයක් බවට පත් ව ඇත.

වසර දහස් ගණනක අතීතයක් හිමි සේද මාවතේ සිට දෙරට නූතන රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමෙන් පසු, වසර 32 ක සහයෝගිතා ඔස්සේ දෙරට අතර පැවති පාරම්පරික මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසයයෙන් යුතුව, සුවදුක් බෙදාහදා ගනිමින්, පොදු ඉරණමක් සහිත චීන-කසක්ස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම යන දැක්ම කරා එළඹ ඇත.

චීනය සහ කසක්ස්ථානය අතර, සංවර්ධනය හා පුනර්ජීවනය පිළිබඳ තීරණාත්මක අවදියේදී, එම තිරසර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කළ හැක්කේ කෙසේද? චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් 2 වැනිදා සිට අද(4) දක්වා කසක්ස්ථානයේ නිරත වූ නිල සංචාරයෙන් ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ. මෙවර සංචාරය අතරතුර දෙරට නායකයෝ ඵලදායී සාකච්ඡා පැවැත්වූ අතර, ඒකාබද්ධ නිවේදනයකට ද අත්සන් තැබූහ. එසේම ද්විපාර්ශ්වික සහයෝගිතා පිළිබඳ ලේඛන රැසකට ද එහිදී අත්සන් තැබිණ. ඒවා චීන-කසක්ස්ථාන සබඳතාවේ උසස් තත්ත්වයේ සංවර්ධනයට නව ජවයක් තිළිණ කර ඇත.

වර්තමානයේ චීනය, තමාට අනන්‍ය වූ චීන මාදිලියේ නවීකරණ සංවර්ධනය පූර්ණ ශක්තියෙන් ඉදිරියට මෙහෙයවමින් සිටී. එසේම කසක්ස්ථානය ද ශීඝ්‍රයෙන් වර්ධනය වන“නව කසක්ස්ථානය”‍ගොඩනැගීමේ නියැලී සිටී. මෙම නව ඓතිහාසික ආරම්භය හමුවේ, දෙරට තිරසර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තර කිරීමටත්, පොදු ඉරණමක් සහිත වඩා ජවසම්පන්න චීන-කසක්ස්ථාන ප්‍රජාවක් ගොඩනැගීමටත් සුදුසුම කාලය එළඹ තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම