ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලයට චීන ජනපති එක්වෙයි
2024-07-04 14:12:38
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වේ. එම සමුළුව අද (04) පෙරවරුවේ කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙම ‘දැවැන්ත පවුල’ මගින් මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර ඇත. වර්තමානයේ, විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සන්ධිස්ථානයක් හමුවට පැමිණ සිටී. ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කරන මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත් වන බව ද ෂී ජින්පිං මහතා කියා සිටී.

සීතල යුද චින්තනයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු ය. සංවාදය, සහයෝගිතාව සහ පොදු-ජයග්‍රාහී සංකල්පය තහවුරු කරමින් සංකීර්ණ අභියෝගවලටත්, වෙනස් වන ජාත්‍යන්තර රටාවන්ටත් මුහුණ දිය යුතු ය.

‘Small yard high fences’ හෙවත් විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. එහිදී ඉහළ සහභාගිත්වයෙන් යුතුව නවෝත්පාදන සහතික කළ යුතු ය. එසේම, කර්මාන්ත හා සැපයුම් දාමවල විධිමත් යාන්ත්‍රණය සුරකිමින් කලාපීය ආර්ථික ක්‍රියාකාරීත්වය පණගන්වා, පොදු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගත යුතු බව ද හෙතෙම පැවසීය.

‍බෙදුම්වාදී බලවේග හමුවේ එක්සත්භාවය සහතික කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. එහිදී බාහිර බලවේග බැහැර කර, අන්‍යෝන්‍ය සහයෝගය තහවුරු කළ යුතුය. සාමකාමීත්වය මත පදනම් ව අභ්‍යන්තර මතභේද නිරාකරණය කළ යුතු බවත්, කලාපීය සාමය හා සංවර්ධනය එම කලාපය තුළ ම සුරක්ෂිත කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර, 2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරිණ. චීනය එම වගකීම දරන්නේ වසර 7 කට පසුවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම