තම රටේ සංචාරයන්ට එක්වන්නැයි විදෙස් මිතුරන්ට චීනයෙන් ඇරයුම්
2024-07-04 16:43:20
Share with:

චීන සංචාරයන්ට එක්වන ලෙස විවිධ රටවල මිතුරන්ට ඇරයුම් කරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

විදේශිකයන් තම රටට පැමිණ, සුන්දර දර්ශන මෙන්ම ප්‍රණීත ආහාර රසවිඳිමින්, විචිත්‍රවත් හා සැබෑ චීනය අවබෝධ කරගැනීම චීනයේ අපේක්ෂාව බව ද ඇය පෙන්වාදෙයි.

මෙම වසරේ මුල් මාස පහ තුළ මිලියන 12 කට අධික විදේශිකයන් පිරිසක් චීනයට පැමිණ ඇති අතර, මිලියන 7 කට වැඩි වීසා රහිත ප්‍රවේශ ද ඊට ඇතුළත් ය. පසුගිය දා පැවති සාම්ප්‍රදායික චීන මකර බෝට්ටු උත්සව සමයේ චීනයට ඇතුළු වූ සහ පිට වූ විදේශිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 57% කින් වැඩි වී ඇති බව ද Mao Ning මහත්මිය සඳහන් කළාය.

චීනයේ සංචාරය කරන විදේශිකයන්ගේ වැඩි පහසුව උදෙසා විවිධ පහසුකම් අඛණ්ඩව ඉහළ නංවන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම