චීන ජනපති සහ ජගත් මහලේකම් අතර හමුවක්
2024-07-04 22:39:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා හමුවෙයි. එම හමුව අද (4) පස්වරුවේ කසක්ස්ථානයේ අස්තානා අගනුවරදී පැවැත්විණ.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගත වෙමින්,  එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට සහාය දක්වන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ සඳහා ද චීනය සහය දක්වන අතර, ගෝලීය පාලනය වඩාත් සාධාරණ දිශානතියක් කරා මෙහෙයවීම එම සමුළුව මගින් සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මූල්‍ය රාමුවේ ප්‍රතිසංස්කරණය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ගෝලීය පාලනය සවිබල ගැන්වීමේදී ජගත් සංවිධානය ඉටුකරන ප්‍රමුඛ කාර්යභාරයට චීනයේ සහයෝගය හිමි වන බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යායාමයට දක්වන සහයත්, ලෝක සාමය හා සංවර්ධනය උදෙසා තීරණාත්මක මෙන්ම සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමත් සම්බන්ධයෙන්  චීනයට කෘතඥතාව  පළ කරන බව ඇන්තෝනියෝ ගුටරෙස් මහතා එහිදී පැවසීය. ගෝලීය ජනතාවගේ තිරසර අනාගතය බොහෝ දුරට චීනය මත රඳා පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනය සමඟ සන්නිවේදනය හා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම