චීන මහජන සමූහාණ්ඩුව හා කසක්ස්ථානය අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-07-04 10:30:32
Share with:

චීන මහජන සමූහාණ්ඩුව හා කසක්ස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි.

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාගේ ඇරයුමට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 2 වනදා සිට 4 වනදා දක්වා කසක්ස්ථානයේ නිල සංචාරයක නිරත වේ. එමෙන්ම හෙතෙම ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරී සමුළුවේ 24වැනි රැස්වීම හා “ශැංහයි සහයෝගිතා සංවිධානය+” සමුළුවට ද  එක් වේ.

මෙම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන පරිදි දෙරට නායකයන් යළි අවධාරණය කළේ තිරසර ලෙස චීන-කසක්ස්ථාන සබඳතා ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික උපායමාර්ගික සංවාදය වෙනස් නොවන අයුරින් පවත්වා ගත යුතු බවයි. දෙරට අතර මිතුදම හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය උසස් මට්ටමක පවතී. ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා ‍භෞමික අඛණ්ඩතාව ඇතුළු ප්‍රශ්නවලදී අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම වැදගත් වනු ඇත. එමෙන්ම බාහිර බලවේග රටෙහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම හා ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීමට දැඩිව ‍විරෝධය පළ කරන බව ද දෙපාර්ශ්වය අවධාරණය කරයි.

කසක්ස්ථානයේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවට චීනය ස්ථීර ලෙස සහයෝගය ලබා දෙනු ඇත. එකම චීනය ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන කසක්ස්ථානය ඕනෑම ආකාරයේ තායිවාන බෙදීමකට ද විරුද්ධ වේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා “යුක්ති සහගත කසක්ස්ථානය” යන ආර්ථික ප්‍රතිපත්තිය මනාව සම්බන්ධ කරමින් ආර්ථික, වෙළඳ, ආයෝජන, අන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා  තවදුරටත් වර්ධනය කිරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටී. එමෙන්ම චීන කසක්ස්ථාන ආයෝජන ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කඩිනමින් සම්පූර්ණ කිරීමට ද දෙපාර්ශ්වය අපේක්ෂා කරන බව එම ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම