හයිටි ජනරජය කඩිනමින් මැතිවරණ කාලසටහනක් සහ මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතු බව චීනය පවසයි
2024-07-04 10:48:42
Share with:

හයිටි ජනරජයේ සියලුම පක්ෂ සහ කණ්ඩායම් කඩිනමින් මැතිවරණ කාලසටහනක් සහ මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත පවසයි. චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා, ඊයේ(3) ආරක්ෂක මණ්ඩලයේ  හයිටි ජනරජයේ ප්‍රශ්නය පිළිබඳ විවෘත රැස්වීමේදී මේ බව සඳහන් කළේ ය.

2016 සිට හයිටි ජනරජයේ කිසිදු මැතිවරණයක් පවත්වා නොමැති අතර, දේශපාලන රික්තකය සහ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොමැතිකම හේතුවෙන් එරට තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති බව Fu Cong මහතා එහිදී පැවසීය. දේශපාලනික පරිවර්තනයක් සහ වහාම මැතිවරණ පැවැත්වීමෙන් මෑතකාලීන ප්‍රගතිය ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යා හැකි වනු ඇතැයි ද චීනය අපේක්ෂා පළ කරයි.

හයිටි ජනරජයේ විවිධ හමුදා කණ්ඩායම් අඛණ්ඩව වර්ධනය වීමට හේතුව, නීතිවිරෝධී අවි සහ පතරොම් එරට වෙත අඛණ්ඩව ගලා යාමයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉදිරිපත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, හයිටි පොලිසිය මෑතකදී Cap-Haitien නගරයේ දී ඇමරිකාවෙන් ගෙන ආ ආයුධ සහ පතරොම් තොගයක් අත්අඩංගුවට ගත් බවයි. ආරක්ෂක මණ්ඩලය හයිටි ජනරජයට එරෙහි අවි තහනම විධිමත්ව ක්‍රියාත්මක කරමින් ආයුධ සහ පතරොම් බෙදාහැරීම පාලනය කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටිය යුතු බව Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම