චීන ජනපතිගේ කසක්ස්ථාන සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් විග්‍රහයක්
2024-07-04 16:58:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙවර කසක්ස්ථාන සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය කරුණු විග්‍රහ කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී අදාළ තොරතුරු ඉදිරිපත් කළාය.

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාගේ ආරාධනයෙන් ෂී ජින් පිං මහතා ජූලි 2,3 දෙදින එරට නිල සංචාරයක නිරත වූ බව Mao Ning මහත්මිය පැවසුවාය.

මෙය ෂී ජින් පිං මහතාගේ පස්වැනි කසක්ස්ථාන සංචාරය මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනයේ ඉහළම නායකයා මධ්‍යම ආසියාවට ගිය පළමු සංචාරය ද වන අතර එය ඓතිහාසික වශයෙන් වැදගත් වේ.

ෂී ජින් පිං මහතාගේ මෙවර සංචාරය ඉතා ඵලදායක බවත්, එය දෙරට සබඳතා තර කිරීම පිළිබඳ නව සන්ධිස්ථානයක් බවත් Mao Ning මහත්මිය පැවසුවාය. එසේම, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ මට්ටමකට පැමිණීම, ද්විපාර්ශ්වික සහයෝගිතාවයට නව ජවයක් තිළිණ කිරීම, මානව හා සංස්කෘතික හුවමාරුවල උසස් ප්‍රතිඵල සහතික කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාවට නව අර්ථයක් රැගෙන ඒම යන කරුණු අතින් මෙම සංචාරය කැපීපෙනෙන බව ද ඇය පෙන්වාදුන්නාය.

රාජ්‍ය නායක දෙපළ අතර ඇතිකරගත් එකඟතා ක්‍රියාවට නංවමින්, ද්විපාර්ශ්වික සබඳතාවන්ට ප්‍රශස්ත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය කසක්ස්ථානය සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි ද  Mao Ning මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම