ලක් නිපැයුම්වලට චීනයෙන් ඉහළ පිළිගැනීමක්
2024-07-04 16:35:35
Share with:

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට සූදානම් බව චීන රජය පවසයි. එරට රේගු පරිපාලනය පිළිබඳ  නියෝජ්‍ය අමාත්‍ය Wang Lingjun මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ මේ බව කියාසිටියේය.

අමාත්‍යවරුන් දෙපළ සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති  සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කෙරෙන තේ, පොල්,අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී  සාකච්ඡා කරනු ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පලතුරු ද මෙරටින් මිලදී ගැනීමට චීන රජය නුදුරේ දී පියවර ගන්නා බව  Wang Lingjun මහතා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කියාසිටියේ, 2023 වසරේ දී ශ්‍රී ලංකා‍ව චීනයට අපනයනය කළ සමස්ත කෘෂිකාර්මික අපනයනයන් හි වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.3 ක් වන බවයි.

එසේම, චීන රජය මිල දී ගත් තේවල වටිනාකම ද එම වසරේ 2.5% කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම