චීන-බෙලරුසියානු ජනපතිවරු හමුවෙති
2024-07-04 21:00:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා හමුවෙයි.

හමුව කසක්ස්ථානයේ අස්තානා අගනුවරදී අද (04) සවස පැවැත්විණ.

බෙලරුසියාව ශැංහයි සහයෝගිතා සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත්වීම සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා එහිදී සිය සුබ පැතුම් පිරිනැමීය. දෙරට, විවිධ මට්ටම්වල සම්බන්ධතා හා සම්බන්ධීකරණ නිසි අයුරින් ඉදිරියට ගෙන යමින්,  එළඹ ඇති පොදු එකඟතා ඵලදායී ලෙස ක්‍රියාත්මක කොට තිබේ. ඒකාබද්ධ ප්‍රයත්න  යටතේ චීන - බෙලරුසියානු සබඳතාව අඛණ්ඩ හා විධිමත් වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

ෂී ජින් පිං මහතා යෝජනා කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සඳහා බෙලරුසියාව සහය දක්වන බව Alexander Lukashenko මහතා එහිදී අවධාරණය කළේය. එසේම චීනය සහ බ්‍රසීලය එක්ව යෝජනා කර ඇති යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගයෙන් විසඳා ගැනීම පිළිබඳ හයවැදෑරුම් යෝජනාවලියට බෙලරුසියාව සහාය දෙන බව ද ඔහු පැවසීය. ද්විපාර්ශ්වික සහයෝගිතා තවදුරටත් තර කිරීම තම අපේක්ෂාව  බව ද බෙලරුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම