කොළඹ වරායේ හරිත පරිවර්තනයට චීන සහාය
2024-07-03 16:41:23
Share with:

කොළඹ වරාය ලබන වසරේ දී හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට චීන රජය එකඟතාව පළකර ඇත.

මේ පිළිබඳ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ දී පැවැත්විණ. චීනයේ ෂැංහයි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වොං ෂියාඕ ජී මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ලොව ප්‍රධාන වරායන් හි සිදුවන හරිත පරිවර්තන ප්‍රවණතාව අනුව යමින් කොළඹ වරායේ ද අදාළ තාක්ෂණික වෙනස්කම් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම