චීන-කසක්ස්ථාන ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
2024-07-03 14:06:36
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (03) පෙරවරුවේ එය පැවැත්විණ.

තම සංචාරයේ දී කසක්ස්ථානයේ අඛණ්ඩ සංවර්ධනය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. Tokayev ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සෞභාග්‍යවත් ‘නව කසක්ස්ථානයක්’ ගොඩනැංවිය හැකි බවට චීන ජනාධිපතිවරයා විශ්වාස පළ කළේය.

එසේ ම, හෙතෙම අවධාරණය කළේ ජාත්‍යන්තර පරිසරය කෙසේ වෙනස් වුවද චීන-කසක්ස්ථාන මිතුදම සුරැකීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය වෙනස් නොවන බවයි. පූර්ණ සහයෝගිතා පැවැත්වීම, එකිනෙකාගේ කේන්ද්‍රීය අවශ්‍යතා හා සම්බන්ධ අභියෝගවල දී සහාය වීමේ තිරසර පිළිවෙත ද කිසිවිටෙක වෙනස් නොවනු ඇත. Tokayev මහතා සමග එක්ව පොදු ඉරණමක් සහිත චීන-කසක්ස්ථාන ප්‍රජාව ගොඩනැංවීමටත්, කලාපීය හා ලෝක සංවර්ධනයට සවිබල තිළිණ කිරීමටත් තමා සූදානම් බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එසේ ම, ‘චීන සංචාරක වසර’වැඩසටහන් මාලාව ලබන වසරේ කසක්ස්ථානයේ දී පැවැත්වීමට චීනයේ සහයෝගය ලබා දෙන බව ද ෂී ජින්පිං මහතා පැවසීය. කසක්ස්ථානය ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය දරමින් ඉටු කර ඇති කාර්යභාරය ඔහුගේ ඉහළ පැසසුමට ලක්විය. එසේම අස්තානා සමුළුවේ ඉහළ සාර්ථකත්වය වෙනුවෙන් ද චීන ජනාධිපතිවරයා සුබ ප්‍රාර්ථනා කළේය.

තම රට එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන බව කසක්ස්ථාන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. තම රට චීනයේ විශ්වසනීත්වය සුරකින මිත්‍රශීලී හවුල්කරුවෙකි. චීන-මධ්‍යම ආසියානු ක්‍රමවේදය ගොඩනැංවීමට කසක්ස්ථානය අඛණ්ඩ ව සහයෝගය පළ කරයි. චීනය සමග එක්ව, ශැංහයි සහයෝගිතා සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් හි සම්බන්ධීකරණයට සක්‍රිය අයුරින් සහභාගි වීම තම අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය

මෙම හමුවෙන් පසු නායක දෙ‍පළ ‘චීන මහජන සමූහාණ්ඩුව හා කසක්ස්ථාන ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය’ට අත්සන් තැබූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම