චීන-උස්බෙකිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2024-07-03 20:25:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා හමුවෙයි. ඒ, අස්තානා අගනුවර පැවැත්වීමට නියමිත ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට පූර්වගාමීව යි.

මෙම වසරේ ජනවාරි මාසයේ Mirziyoyev මහතා චීනයේ නිල සංචාරයක නිරත වූ බව ෂී ජින් පිං මහතා එහිදී සිහිපත් කළේ. එම අවස්ථාවේ චීන-උස්බෙකිස්ථාන සබඳතාව නවයුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා නංවාලීමට තීරණය කෙරිණ. එමගින් දෙරට සබඳතාව නව මට්ටමකට පිවිස ඇත.

උස්බෙකිස්ථානය සිය ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා ආරක්ෂාව සුරැකීමේ දී චීනය තිරසර සහයෝගය ලබා දෙයි. චීනය උස්බෙකිස්ථානයේ විශ්වසනීයත්වයෙන් යුතු මිත්‍රශීලී හවුල්කරුවෙකු බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම