මානූෂීය සහනාධාර ද්‍රව්‍ය වේගවත්ව මෙන්ම සුරක්ෂිතව ගාසා තීරයට ප්‍රවේශ වීම සහතික කරන ලෙස ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක්
2024-07-03 11:32:01
Share with:

ගාසා තීරයේ තත්ත්වය හා ආරක්ෂක මණ්ඩලයේ 2720 වැනි තීරණය ක්‍රියාවට නැංවීමේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(2) සමුළුවක් පැවැත්විය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වි‍ශේෂ සම්බන්ධීකාරක Sigrid Kaag මහත්මිය  ගාසා තීරයේ මානව හිතවාදී පරිසරයක්  යළි ගොඩනැඟීම සඳහා වන වැදගත් තොරතුරු ඉදිදිපත් කළාය.

පසුගිය මැයි මස දී ඊශ්‍රායලය Rafaḥ ප්‍රදේශයේ සිය යුධ මෙහෙයුම ආරම්භ කිරී‍මෙන් පසු ගාසා තීරයට යවන ලද මානූෂීය සහනාධාර  ද්‍රව්‍ය ප්‍රමාණය වේගයෙන් අඩු වී ඇති බව Sigrid Kaag මහත්මිය සඳහන් කර ඇත. එමෙන්ම Rafaḥ ගොඩබිම් ප්‍රවේශ මාර්ගය ජූලි මස ඇතුළත යළි විවෘත වනු ඇතැයි  අපේක්ෂා කරන බව ඇය ප්‍රකාශ කළාය. ගාසා තීරයේ ඵලදායී මෙන්ම විශ්වසනීය ලෙස ගැටුම් සමනය කළ හැකි සම්බන්ධීකරණ පද්ධතියක් ස්ථාපිත කරමින් මානූෂීය ක්‍රියාකාරකම් වෙනුවෙන් සහාය ලබා දීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සහතික කළ යුතු බව ද ඇය පෙන්වා දී ඇත.

එමෙන්ම ගාසා තීරයේ හානිකර තත්ත්වය මිනිසා නිර්මාණය කළ විපතක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පැවසීය. ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම අනුගමනය කරන‍ ලෙසත් ජගත් ප්‍රජාවේ පොදු හඬට සවන් දී  මානූෂීය සහනාධාර ද්‍රව්‍ය වේගවත්ව මෙන්ම සුරක්ෂිතව  ගාසා තීරයට ප්‍රවේශ වීම සහතික කරන ලෙස ද චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම