චීන-කිර්ගිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2024-07-03 21:02:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතා හමුවෙයි.

හමුව අද (03) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

තමා සහ Japarov මහතා පසුගිය වසරේ මැයි මාසයේ Xi'an නුවර පැවැත්වූ සාකච්ඡාවලින් පසු  විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම්  රැසකට එළඹුණු බවත්, ඒවා ඵලදායී ලෙස ක්‍රියාවට නංවා ඇති බවත් ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදී චීනය සෑම විටම කිර්ගිස්ථානයට උපරිම සහාය ලබාදෙන බව ද හෙතෙම කියාසිටියේය.

කිර්ගිස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වන ඕනෑම බලවේගයකට චීනය දැඩි විරෝධය පළ කරනු ඇත.  දෙරට අතර සංවර්ධන උපායමාර්ග පුළුල්  කොට, අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම සඳහා කිර්ගිස්ථානය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම