ශැංහයි සහයෝගිතා සංවිධානයේ දැක්ම ජාත්‍යන්තර සබඳතා සඳහා නව ආදර්ශයක් වී ඇතැයි ගෝලීය ජනතාව පවසති
2024-07-03 07:02:32
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධානයේ දැක්ම, ජාත්‍යන්තර සබඳතා සඳහා නව ආදර්ශයක් බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව කියාසිටිති.  ගෝලීය ජනමත විමසුමකට එක් වූ  92.7% ක පිරිසක් මේ බව පවසා ඇත. CGTN ආයතනය විසින් මෙම  අන්තර්ජාල ජනමත විමසුම මෙහෙයවනු ලැබීය.

ලොව විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ කලාපය නියෝජනය කරන ශැංහයි සහයෝගිතා සංවිධානය කෙරෙහි යළිත් සමස්ත ලෝකයේ අවධානය යොමුව තිබේ. ඒ,  කලාපීය ආරක්ෂක හා සංවර්ධන ගැටලු සාකච්ඡා කිරීම සඳහා එහි රාජ්‍ය නායක කවුන්සිලය මෙවර  කසකස්තානයේ දී රැස්වන හෙයිනි.

ශැංහයි සහයෝගිතා සංවිධානය පිළිබඳ  මත විමසුමේ දී  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය පවසා ඇත්තේ  වසර 20 කට අධික සංවර්ධනයකින් පසු  එය ආරක්ෂාවේ පලිහක්, සහයෝගිතා පාලමක්, මිත්‍රශීලී  බැඳීමක් සහ කලාපීය  බලවේගයක් ලෙස වර්ධනය වී ඇති බවයි.  82.8 % ක පිරිසකගේ අදහස වන්නේ ගෝලීය දකුණු රටවල් වෙනුවෙන් හඬ නගමින්, එම රටවල් වෙනුවෙන් වඩාත් සාධාරණ ජාත්‍යන්තර පටිපාටියක් ඉන් හඳුන්වා දී ඇති බවයි.

සැබැවින්ම එම සංවිධානයේ  ආරක්ෂක සහයෝගිතාව කැපීපෙනෙන අංගයකි.  සමීක්ෂණයට එක්වූවන්ගෙන් 83.7% ක් ප්‍රකාශ කරන්නේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශැංහයි සහයෝගිතා සංවිධානය  විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

ආරක්ෂාව යනු සංවර්ධනයේ පදනම වේ.

එම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස, චීනය විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම එහි ආරක්ෂාව පිළිබඳ සංකල්පයට බෙහෙවින් අනුකූල වේ. 

සමීක්ෂණයට එක්වූවන්ගෙන්  සියයට 91.2 % ක් පැවසුවේ රටවල් අතර මතභේද සහ ආරවුල් සංවාද සහ උපදේශන මගින් සාමකාමීව විසඳා ගත යුතු බවයි;

එසේම, එම සංවිධානය මගින් සීතල යුද මානසිකත්වය  යටපත් කෙරෙනු ඇතැයි  94.8% ක පිරිසක් විශ්වාස කරති.

83.9% ක පිරිසක් සංවිධානය තුළ චීනයේ සාධනීය බලපෑම පිළිගෙන ඇත. ශැංහයි සහයෝගිතා සංවිධානයේ ආයතනික ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය සහ එක් තීරයක් එක් මාවතක් වැනි ජාත්‍යන්තර  මුලපිරුම් සම්බන්ධයෙන් ඔවුහු චීනයට ප්‍රශංසා කරති.

මෙම ජනමත විමසුම CGTN ආයතනයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු මාධ්‍ය වේදිකාවල පැය 24 ක් පුරා සිදුකරනු ලැබීය. අන්තර්ජාලය භාවිත කරන්නන් 13,527 දෙනෙකු ඊට සහභාගි වී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම