ස්වභාවික අවදානම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සහ පූර්ව සූදානමින් සිටිය යුතු බව චීන අගමැති පවසයි
2024-07-03 10:18:40
Share with:

ස්වභාවික අවදානම් පිළිබඳව අවධානයෙන් සහ පූර්ව සූදානමින් සිටිය යුතු බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. ගංවතුර පාලනය, ආපදා සහන සැපයීම සහ ජීවිත හා දේපළවල ආරක්ෂාව මෙන්ම සමස්ත සමාජ ස්ථාවරත්වය සහතික කිරීමට විධිමත් ලෙස ක්‍රියා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත. 

පසුගිය දා Jiangxi පළාතේ Jiujiang නගරයේ ගංවතුර පාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

යැංසි ගංගාව සහ පෝයන්ග් විල සම්බන්ධ වන ස්ථානයේ පිහිටා ඇති ජල විද්‍යා මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක් වෙමින් Li Qiang මහතා  පැවසුවේ, ආපදා වැළැක්වීමේ දී පුරෝකථනය කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම වැදගත් කාර්යභාරයක් වන බවයි. එමෙන්ම ලූෂන් හි බයිලු නගරය භූ විද්‍යාත්මකව නිරන්තර ආපදාවන්ට ලක් වන ප්‍රදේශයක් වන හෙයින් එහි සිදු වන නායයෑම් වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, ආපදා තත්ත්වයක් පිළිබඳ හඳුනාගත් වහාම අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්  හෙතෙම ඉල්ලා සිටියේය. 

මෙම ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීමට නාගරික ගංවතුර පාලන හා ජලාපවහන පද්ධති නිරන්තර පරීක්ෂා කීරීම්වලට ලක් විය යුතු බවත්, ආපදා අවස්ථාවලදී මුදවා ගැනීමේ කටයුතු කඩිනම් කළ යුතු බවත් Li Qiang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම