ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන රැළියක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 116 ක් ජිවීතක්ෂයට
2024-07-03 10:50:06
Share with:

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන රැළියක සිදුවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 140ක පමණ දුරකින් උත්තර් ප්‍රදේශය පිහිටා ඇත. ඊයේ (2)පැවති මෙම මහජන රැළියට එක්වූ ජනතාව එම ස්ථානයෙන් පිටතට යාමේ දී අධික තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව එරට පොලිස් වාර්තා සඳහන් කරයි.

මෙම අනතුරට ගොදුරු වූවන් අතර බොහෝ පිරිසක් කාන්තාවන් හා ළමුන් බව ද වාර්තා වේ. මේ වනවිට 150 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඇතැම් පුද්ගලයන් බරපතල තුවාල ලැබීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද එර‍ට වාර්තා සඳහන් කරයි. අදාළ විමර්ශනයට අනුව, අදාළ ස්ථානයේ රැඳී සිටි පිරිස රජයේ අනුමත සංඛ්‍යාවට වඩා වැඩිවීම මෙම විශාල අනතුර ඇති වීමට ප්‍රධාන හේතුවකි.

ඉන්දියාවේ ජනාධිපති Droupadi Murmu මහත්මිය හා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ(02) පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙම අනතුරින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් ශෝකය පළ කරන බවයි. උත්තර් ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය Yogi Adityanath  ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනට ක්‍රියාත්මක කරන අතර එහි සංවිධාකයන්ට එරෙහිව නඩු පවරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම