චීන-අසර්බයිජාන ජනපතිවරුන් අතර හමුවක්
2024-07-03 20:43:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අසර්බයිජාන ජනාධිපති Ilham Heydar oglu Aliyev මහතා හමුවෙයි.

හමුව අද (03) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ. දෙර‍ට සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා නංවාලීමට නායක දෙපළ එහිදී තීරණය කළහ.

චීනය හා අසර්බයිජානය අවංක, සමානාත්මතාව ගරු කරන, සමීප මිතුරන් බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය. දෙරට සබඳතාව නිසියාකාරයෙන් හා ස්ථිර ව වර්ධනය වී ඇති අතර, ද්විපාර්ශ්වික සහයෝගිතාවන් හි සරු ප්‍රතිඵල දක්නට ලැබේ.

දෙර‍ට සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා නංවාලීමේ නිවේදනය ද අද (3) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. අන්‍යෝන්‍ය සහයෝගිතා තුළින් දෙරට ජනතාවට සුබසෙත උදා කළ හැකි වනු ඇති බවට චීන ජනාධිපතිවරයා විශ්වාස පළ කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම