ණය තිරසරභාවය සාක්ෂාත් කිරීම තවදුරටත් අවිනිශ්චිත නොවන බව මුදල් රාජ්‍ය ඇමති කියයි
2024-07-03 15:18:18
Share with:

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතා සියල්ල දුරු වී ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ජාත්‍යන්තර ප්‍රජාව ද සුබවාදීව දැක ඇති බව හෙතෙම කියාසිටී.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (2) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඉකුත් ජූනි 26 වැනිදා පැරිසියේ දී නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමග එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගත වූ බව සේමසිංහ මහතා මෙහිදී පැවසීය. එදිනම චීනයේ එක්සිම් බැංකුව සමග ද ගිවිසුම්ගත වී ඇත. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු 2 සපුරාලීමට හැකි වී තිබේ.

ණය හිමියන් මේ වනවිට ණය ගෙවීම සඳහා 2027 වසර දක්වා සහන කාලයක් ලබා දී ඇති අතර, එම කාලය තුළ ලැබෙන ඇ. ඩොලර් බිලියන 05 ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට ද අවකාශ හිමි වනු ඇත.

2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගත යුතුව ඇතැයි ද ශෙහාන් සේමසිංහ මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම