චීන - කසකස්ථාන ජනපතිවරු චීන-යුරෝපා අධිවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙති
2024-07-03 15:23:07
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා, කැස්පියන් මුහුද හරහා දිවෙන චීන-යුරෝපා අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගි වෙති.

ජනාධිපතිවරු දෙපළ අද (3) දහවල් අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ රැඳීසිටිමින් එම අවස්ථාවට එක්වූහ.

සෘජු අධිවේගී මාර්ගයක් ඔස්සේ කැස්පියන් මුහුද ආශ්‍රිත වරායකට චීන වාහන ප්‍රවාහනය කෙරෙන පළමු අවස්ථාව මෙයයි. චීනයේ සිට කැස්පියන් මුහුද හරහා ගමන් ගන්නා චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වසර දෙකක කාලයක් තිස්සේ ප්‍රශස්ත අයුරින් ක්‍රියාත්මක වේ. අධිවේගී මාර්ග, දුම්රිය හා ගුවන් මාර්ග සහ නල මාර්ග ඒකාබද්ධ කර ඇති, අන්තර් සම්බන්ධිත බහුවිධ ප්‍රවාහන සේවා මාදිලියක් මෙමගින් නිල වශයෙන් හඳුන්වා දී තිබීම සුවිශේෂ කරුණකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම