ඇමරිකාව ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය කියයි
2024-07-03 17:06:44
Share with:

ඇමරිකාව ත්‍රස්තවාදය මර්දනය කරන බව කියමින් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

චීන මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාව පසුගිය දා සමීක්ෂණයක් පැවැත්වීය. එහිදී අනාවරණය වූයේ සිරියාවේ රැඳීසිටින ඇමරිකානු හමුදාව දෛනිකව ධාන්‍ය ලොරි 10 කට අධික සංඛ්‍යාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රටින් පිටතට ප්‍රවාහනය කරන බවයි. එසේම ඔවුන් තම සොරකම් සැඟවීම සඳහා මුරපොළවල දී මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනාගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ, එම ක්‍රියාවන් ඡායාරූපවලට හසු වී ඇතැයි යන සැකය නිසාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ ඇමරිකාව සිරියාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවයි. එසේම, එරට සම්පත් පැහැර ගැනීම වහා නතර කළ යුතු බව ද ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම