චීන - කසක්ස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2024-07-03 13:43:00
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා හමුවෙයි. අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (3) පෙරවරුවේ එම හමුව පැවැත්විණ.

චීනය සෑම විටම චීන-කසක්ස්ථාන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් විමසා බලන බවත්, චීනයේ අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛ රටක් මෙන්ම මධ්‍යම ආසියාවේ සමීප සහයෝගිතා හවුල්කරුවෙකු ලෙස කසක්ස්ථානය සලකන බවත් ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය. කසක්ස්ථානය සතු සම්පත් සංවර්ධන ශක්‍යතා බවට පරිවර්තනය කරගනිමින් හරිත සහ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කිරීමට චීනය සහාය වනු ඇත. එහිදී ස්වභාවික ගෑස් වැනි සාම්ප්‍රදායික බලශක්ති සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

දෙරට  සබඳතා ශක්තිමත් අසල්වැසි මිත්‍රත්වය සහ ස්ථිර අන්‍යෝන්‍ය සහයෝගය මත පදනම් වී ඇති බවත්, එම සබඳතා පෙර නොවූ විරූ යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් කසක්ස්ථාන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. වෙළෙඳ, බලශක්ති, කෘෂිකර්මාන්ත, ඛනිජ සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතා ඔස්සේ දෙරට ඉහළ ප්‍රතිලාභ සාක්ෂාත් කර ඇත. දෙරට සබඳතාව රාජ්‍ය අතර පවතින සම්බන්ධතාවන්ට ආදර්ශයක් සපයා ඇතැයි ද  Tokayev මහතා  එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම