සටන් විරාමයකට එළඹෙන ලෙස යුක්රේනයට හංගේරියාවෙන් යෝජනා
2024-07-03 16:07:57
Share with:

රුසියාව සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන ලෙස හංගේරියාව යුක්රේනයට යෝජනා කරයි. යුක්රේන සංචාරයක නිරත  හංගේරියානු අග්‍රාමාත්‍ය Viktor Orban මහතා, එරට ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ (2)  හමු වූ අවස්ථාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

යටිතල පහසුකම් , බලශක්ති සහ ද්විපාර්ශ්වික වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පැවැත්වීම පිළිබඳව නායක දෙපළ එහිදී සාකච්ඡා කළහ. රුසියාව සමග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගැනිණ. රුසියාව සමග සාම සාකච්ඡා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සඳහා තාවකාලික සටන් විරාමයකට පැමිණෙන ලෙස Viktor Orban මහතා එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යෝජනා කළේ ය.

ඉකුත් ජූලි පළමුවැනි දා සිට හංගේරියාව යුරෝපා සංගමයේ වාරික සභාපතිත්වය දරයි. සාමය යු‍ක්රේනයට පමණක් ‍නොව සමස්ත යුරෝපයටම ඉතා වැදගත් බව හමුවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී Viktor Orban මහතා කියා සිටියේ ය. යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන කාලයේ යුක්රේනයට හැකි උපරිමයෙන් සහාය දීමට හංගේරියාව සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම