චීන ජනපති හා කසක්ස්ථාන ජනපති මාධ්‍ය හමුවක
2024-07-03 15:46:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (3) පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි.

චීන-කසක්ස්ථාන සබඳතා වසර දහස් ගණනක අතීතයක් හිමි සේද මාවතේ සිට වර්තමානයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරට, අන්‍යෝන්‍ය සහයෝගය යන ප්‍රශස්ත සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් දේශපාලන විශ්වාසය තහවුරු කොට එකිනෙකා වෙනුවෙන් ශක්තිමත් පිටුබලයක් ලබාදෙනු ඇති බවට චීන ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව ගොඩනගමින්, ප්‍රායෝගික සහයෝගිතාවයේ නව ප්‍රතිඵල අත්පත් කරගැනීම දෙරටේ අභිප්‍රාය බව ද ෂී ජින් පිං මහතා පැවසීය. ජාත්‍යන්තර කටයුතුවල දී සමීප සහයෝගිතා පවත්වමින්, දෙරටේ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා  සහතික කිරීමට ද දෙපාර්ශ්වය අඛණ්ඩව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණයට සම්බන්ධ වීමටත්, ජාත්‍යන්තර වේදිකාවේ "වගකීම් සහගත රටක" කාර්යභාරය ඉටු කොට ගෝලීය පාලනයට නිසි දායකත්වය ලබා දීමටත් චීනය කසක්ස්ථානයට සහාය දක්වන බව චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

ෂී ජින් පිං මහතාගේ මෙවර සංචාරයට විශේෂ ඓතිහාසික වැදගත්කමක් හිමිවන අතර, එය දෙරට සබඳතා ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වීමේ නව ආරම්භයක් වනු ඇතැයි කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා එහිදී පැවසීය.

චීනය කසක්ස්ථානයේ මිත්‍ර අසල්වැසියා මෙන්ම දිගුකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවා ද වේ. එසේම, චීනය කසක්ස්ථානයේ විශාලතම වෙළඳ සහකරු වන අතර, චීන ව්‍යවසායන්ගේ ආයෝජන හා සහයෝගිතා එරට සංවර්ධනයට ඵලදායී අයුරින් දායක වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය, ශංහයි සහයෝගිතා සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික රාමු තුළ චීනය සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට කසක්ස්ථානය අපේක්ෂා කරයි. ඉදිරි "ස්වර්ණමය වසර 30" තුළ කසක්ස්ථාන-චීන සබඳතාවන්හි වඩාත් පුළුල් ජයග්‍රහණ උදෙසා චීනය සමඟ කැප වී ක්‍රියාකරන බව ද Tokayev මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම