චීන-කසකස්ථාන මානව හුවමාරු වැඩසටහන අස්තානා නුවරදී
2024-07-03 07:42:54
Share with:

චීන-කසකස්ථාන මානව හුවමාරු වැඩසටහනක් පැවැත්වෙයි. ඊයේ(02) කසකස්ථානයේ අස්තානා අගනුවර පැවති එම වැඩසටහන පැවැත්වූයේ චීන ජනාධිපතිවරයා එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි. අස්තානා හිදී පැවැත්වීමට නියමිත ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාරයට එක්විය. එහිදී දෙරට එක්ව රූපගත කළ වාර්තා රූපවාහිනි වැඩටසහනක් වන ‘එකම සිහිනය’ වැඩසටහන ද විකාශය ඇරඹිණ.

මෙම වැඩසටහන සඳහා කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සුබ පැතුම් පණිවුඩයක් ද යොමු කළේය. මිත්‍රශීලීත්වය මත පදනම් ව ගොඩනැංගුණු කසකස්ථාන-චීන සබඳතාව නව තලයකට පිවිස ඇති බව හෙතෙම එහිදී පැවසීය. එමෙන්ම දෙරට අතර ස්ථිර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩ ව තහවුරු වී ඇත. ඒ සඳහා දෙරට ජනතාව අතර පැවැත්වෙන සංස්කෘතික හුවමාරු වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇති බව ද හෙතෙම සිය පණිවුඩයෙන් පෙන්වා දී ඇත.

එම වැඩසටහනට එක්ව සිටි චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් නව්‍ය මට්ටමේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන චීන මාධ්‍ය සමූහය චීන-කසකස්ථාන මානව හුවමාරු තහවුරු කිරීමට කැප වී සිටින බවයි. දෙරට එක්ව රූපගත කළ වාර්තා රූපවාහිනි වැඩසටහන වන ‘එකම සිහිනය’ විකාශන කටයුතු ආරම්භ කිරීම සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගිතා මගින් දෙරට ජනතාවගේ සබැඳියාව තවදුරටත් තහවුරු කරනු ඇති බව ද හෙතෙම විශ්වාසය පළ කර ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම