චීන - ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල මාධ්‍ය වටමේස සංවාදය අස්තානා නුවර දී
2024-07-03 20:09:53
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් සත්කාරකත්වය දරන චීන - ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල මාධ්‍ය වටමේස සංවාදය අස්තානා නුවර දී පැවැත්වේ.  එය, අද (3) පැවැත්වුණේ ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 24 වැනි සමුළුවට පූර්වගාමීවයි.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රධානීහු ‘ශැංහයි චින්තනය" ඉදිරියට ගෙන යාමට මාධ්‍ය බලය එක්රැස් කිරීම’ යන තේමාව ඔස්සේ එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ. මාධ්‍ය සහයෝගිතාව සහ අනෙකුත් ක්ෂේත්‍ර තුළ චීනය සහ ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් ලබා ඇති ජයග්‍රහණ අගය කළ ඔවුහු ඉදිරියේ දී තවදුරටත් සහයෝගිතා පුළුල් කළ යුතු බව ද කියාසිටියහ.

සංවිධානයේ රාජ්‍ය නායකයන් එළඹුණු වැදගත් එකඟතා අනුව යමින් එහි සංවර්ධනය නව මට්ටමකට රැගෙන ඒම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සාමාජික රටවල මාධ්‍ය සමඟ එක්ව කටයුතු කිරීමට තම ආයතනය සූදානමින් සිටින බව චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම