ඊශ්‍රායලයේ මිලිටරි ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකාවේ අසීමිත සහයෝගයට විරෝධය පළ කරමින් ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සිය ඉල්ලා අස්වීම් භාරදෙයි
2024-07-03 15:14:54
Share with:

පසුගිය වසරේ ඔක්තෝබර් 7වැනිදා නව වටයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් පසු, ඊශ්‍රායලයේ යුද මෙහෙයුම්වල ප්‍රධාන ආධාරකරුවා ලෙස ඇමරිකාව, ඊශ්‍රායලයට අසීමිත ලෙස සහාය ලබා දීම සියලු පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව ඇත.

මේ අතර ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ සහකාර නිලධාරිනිය අද(2) සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කළා ය. ඊශ්‍රායලයේ සිදු කරන මිලිටරි ක්‍රියා "ජන සංහාරයක්" ලෙස හඳුන්වමින් ඇමරිකානු ජනාධිපති Joe Biden ගේ විදේශ ප්‍රතිපත්තිය ද විවේචනය කරමින් ඇය සිය ඉල්ලා අස්වීම භාර දී ඇත.

රොයිටර් පුවත් සේවයේ වාර්තාවලට අනුව, ගාසා ගැටුම්වලදී Joe Biden ඊශ්‍රායලයට දුන් සහයෝගය පිළිබඳ අතෘප්තිය හේතුවෙන් ඇමරිකානු රජයේ නිලධාරීන් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිටත් ඉල්ලා අස්වී ඇත. ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන පීඩාකාරී කුරිරු ක්‍රියා දෙස තවදුරටත් දෑස් වසා බලා සිටීමට නොහැකි බවට ප්‍රකාශ කරමින් ඇතැම් නිලධාරීන් ඇමරිකානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම