චීන ජනපති අස්තානා නුවරට ළඟාවෙයි
2024-07-02 14:56:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි. හෙතෙම විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි ළඟාවිය. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.

චීන ජනාධිපතිවරයා කසක්ස්ථානයට පැමිණියේ ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ කෘත්‍යාධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසියට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම සඳහා යි.

කසක්ස්ථානයේ ගුවන් කලාපයට ඇතුළු වූ පසු ෂී ජින්පිං මහතා පැමිණි ගුවන් යානයේ ආරක්ෂාව සඳහා එරට හමුදා ගුවන් යානා 2 ක් යොදවා තිබිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම