කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට රජය පියවර ගනී
2024-07-02 19:35:46
Share with:

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි. මේ සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2022 වසරේ සිදුකෙරුණු මෙරට ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව, ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණයෙන් 35% ක් පමණක් කාන්තාවෝ වෙති. ආර්ථීක සහභාගිත්වයේ ස්ත්‍රී - පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් ඉන් නිරූපණය වන බව රජය පවසයි.

සීමිත මූල්‍ය සාක්ෂරතාව, ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය දේපළ හෝ වෙනත් ඇප හිමිකම් නොමැති වීම වැනි කරුණු මෙරට කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධක ලෙස එහිදී හඳුනාගනු ලැබ ඇත. මේ නිසා, කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීමට ඇති බාධා ඉවත් කිරීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා වන ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 200 ක ප්‍රතිපාදනවලින් බිලියන 2 ක් මේ සඳහා ලබාදීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම