චීන-සර්බියා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීමේ උත්සවය සර්බියාවේදී පැවැත්වේ
2024-07-02 11:02:19
Share with:

චීන-සර්බියා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීමේ උත්සවය ඊයේ(1) සර්බියාවේ Novi-Sad නගරයේ දී පැවැත්විණ. සර්බියානු අභ්‍යන්තර හා විදේශීය වෙළෙඳ අමාත්‍ය Tomislav MOMIROVIĆ මහතා, සර්බියාවේ චීන තානාපති Li Ming මහතා සහ සර්බියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු චීන-සර්බියා නිලධාරීහු සහ ව්‍යාපාරික නියෝජිතයෝ ඊට එක් වූහ.

චීන-සර්බියා නිදහස් වෙළඳ ගිවිසුම චීනය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපීය රටවල් අතර අත්සන් කර බලාත්මක වූ පළමු නිදහස් වෙළඳ ගිවිසුමයි. මෙම ගිවිසුම සාකච්ඡා ආරම්භයේ සිට බලාත්මක වීමට වසර එකහමාරකට අඩු කාලයක් ගත වූ අතර, එය චීනය විසින් අත්සන් කරන ලද වේගවත්ම නිදහස් වෙළඳ ගිවිසුම්වලින් එකක් බවට පත් වේ. එවැනි උසස් තත්ත්වයේ සහ කාර්යක්ෂම ගිවිසුමක්, දෙපාර්ශවය අතර පැවතීමෙන් ඉහළ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ බලවත් මිත්‍රත්වය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරයි.

මෙම ගිවිසුම නිල වශයෙන් ඊයේ (01) බලාත්මක කෙරිණ. නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක වීමෙන් පසුව, චීනය සහ සර්බියාව 90% ක තීරුබදු අන්‍යෝන්‍ය වශයෙන් අවලංගු කරනු ඇත. ඒ අතරින්, 60% කට වඩා වැඩි ප්‍රමාණයක තීරුබදු, ඊයේ (01) සිට වහාම ඉවත් කරනු ලැබේ. ශුන්‍ය තීරුබදු භාණ්ඩ සහිත දෙපාර්ශවයේම අවසාන ආනයන පරිමාවේ අනුපාතය 95%ක් පමණ වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම