ඇමරිකානු යෞවන හුවමාරු නියෝජිත කණ්ඩායමට චීන ජනපතිගෙන් පණිවුඩයක්
2024-07-02 10:36:38
Share with:

“මිත්‍රත්වයේ පොදු සංචාරය ”තේමාවෙන් යුතු ඇමරිකානු යෞවන හුවමාරු නියෝජිත කණ්ඩායමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (1) පණිවුඩයක් යොමු කළේය.

 චීන-ඇමරිකා සබඳතාවල අපේක්ෂාව, පදනම හා අනාගතය රැඳී ඇත්තේ දෙරටේ ජනතාව හා තරුණ පරපුර මත බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කරයි. 

මෙවර සංචාරයෙදී චීනය පිළිබඳව වැඩි අවබෝධයක් ලබා, චීන යෞවනයන් සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින් මිත්‍රත්වය වැඩිදියුණු කර ගනු ඇතැයි හෙතෙම සිය අපේක්ෂා පළ කර ඇත.

චීන-ඇමරිකා ජනතාව අතර අදහස් හුවමාරු පාලම් ඉදිකරමින් තවදුරටත් දෙරටේ ජනතාවගේ මිත්‍රත්වය තහවුරු කිරීමට දායකත්ව සැපයීමට යෞවනයන් ක්‍රියා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඔහු කියාසිටී.

“මිත්‍රත්වයේ පොදු සංචාරය ” නැමැති එම ඇමරිකානු යෞවන හුවමාරු කණ්ඩායම, එරට ජනපද 7ක මධ්‍යම පාසල් 14ක ගුරු-සිසු නියෝජිතයන්ගෙන් සමන්විතය. විදේශ රටවල් සමඟ මිත්‍රත්වය පිළිබඳ චීන මහජන කොමිසමේ ආරාධනාවට අනුව එම හුවමාරු නියෝජිත කණ්ඩායමේ මෙවර සංචාරය සිදු විය.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම