චීන මාධ්‍ය සමූහයේ "අන්තර් ශිෂ්ටාචාර සංවාද" ප්‍රදර්ශනය නිව්යෝර්ක් නුවර දී
2024-07-02 17:02:17
Share with:

චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන "අන්තර් ශිෂ්ටාචාර සංවාද" ප්‍රදර්ශනය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ. ඊයේ (1) පැවති එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ලිඛිත දේශනයක් පැවැත්වීය.

ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා චීනය විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාව එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩලය ඒකමතිකව සම්මත කළ අතර, ජූනි 10 වැනිදා එම දිනය ලෙස නම්කෙරුණු බව Shen Haixiong මහතා එහිදී  සිහිපත් කළේය.  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට ජාත්‍යන්තර ප්‍රජාවෙන් හිමි ව ඇති පිළිගැනීම එමගින් මනාව පිළිබිඹු කෙරේ.

ජාත්‍යන්තර මට්ටමේ පළමු පන්තියේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස, චීන මාධ්‍ය සමූහය ශිෂ්ටාචාර සංවාදයන්ට අදාළ සුවිශේෂ කතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද Shen Haixiong මහතා පැවසීය. ලොව විවිධ ශිෂ්ටාචාර පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට තම ආයතනය කැප වී ක්‍රියාකරන බව ද Shen Haixiong මහතා තම ලිඛිත දේශනයෙන් පවසා ඇත.

එළඹෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආකර්ෂණීය අවස්ථා ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන ඒමට ද චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම