AI ධාරිතා ගොඩනැගීමේ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා චීනය ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි
2024-07-02 10:43:52
Share with:

කෘත්‍රිම බුද්ධියේ ධාරිතා ගොඩනැගීමේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඉදිරිපත් කළ යෝජනාව රටවල් 140 කට අධික සම අනුග්‍රහයෙන් පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී ඊයේ(1) ඒකමතිකව සම්මත විය.

එම යෝජනාවෙන් කෘත්‍රිම බුද්ධියේ වර්ධනය "මානව කේන්ද්‍රගත වීමේ මූලධර්ම" පිළිපැදිය යුතු බවත්, ප්‍රයෝජනවත් බුද්ධිය ප්‍රවර්ධනය කිරීම සහ මනුෂ්‍යත්වයට ප්‍රතිලාභ සැලසෙන බවත් අවධාරණය කෙරේ.

එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල AI ධාරිතාව ගොඩනැගීමට, ගෝලීය AI පාලනය තුළ ඔවුන්ගේ නියෝජනය සහ හඬ වැඩි දියුණු කිරීමට, "විවෘත, සාධාරණ සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක්" වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම සහයෝගය දැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග දිරිමත් කිරීමට ඉවහල් වේ.

කෘත්‍රිම බුද්ධිය සහිත ප්‍රයෝජනවත් සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම මෙම යෝජනාවේ අරමුණ වන අතර එමඟින් තිරසාර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමට දායක වේ.

Mao Ning මහත්මිය අද (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන්, කෘත්‍රිම බුද්ධි ශක්‍යතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් විවිධ රටවල පුළුල් එකඟතාව පිළිබිඹු කෙරෙන බවයි. එක්සත්භාවයෙන් යුතුව එය තහවුරු කිරීමේ අවශ්‍යතාවත්, ලොව බුද්ධිමය තාක්ෂණයන් අතර පවතින පරතරය අඩු කිරීමේ අපේක්ෂාවත් ඉන් පිළිබිඹු කෙරෙන බව ද ඇය කියා සිටියාය.

එසේ ම, ඇමරිකාව මීට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බව ද වාර්තා වෙයි. ඇමරිකාව ඇතුළු ජගත් සංවිධානයේ සාමාජික රටවල්, කෘත්‍රිම බුද්ධි ධාරිතාව පුළුල් කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ තීරණය සාකච්ඡාවට ලක් කර, එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන්  චීනයේ ප්‍රශංසාව පළ කරන බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම